Home උණුසුම් පුවත් උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට වැසේ

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට වැසේ

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට වැසේ

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර මාර්ගය අද (07) දින සිට තාවකාලිකව වසා තැබේ.

මෙම මාර්ගය මාස 06ක කාලයකට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මහව සහ අනුරාධපුරය අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ය.

අද දිනයේ සිට කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදු කෙරේ.

මේ අතර, උතුරු දුම්රිය මාර්ගයට අමතර ව මඩකලපුව දුම්රිය මාර්ගය ද මේ වසර තුළ අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මඩකලපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ යටතේ මඩකලපුවේ සිට යාපනය දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here