Home උණුසුම් පුවත් ගාල්ල බන්ධනාගාරයේ රෝගී වූ රැඳවූවන් 7ක් දක්වා ඉහළට

ගාල්ල බන්ධනාගාරයේ රෝගී වූ රැඳවූවන් 7ක් දක්වා ඉහළට

ගාල්ල බන්ධනාගාරයේ රෝගී වූ රැඳවූවන් 7ක් දක්වා ඉහළට

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවූවන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ මාතර සහ ගාල්ල බන්ධනාගාරවල මේ දිනවල වාර්තා වෙමින් ඇති මොළේ උණ ලෙස සැකකරන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසයි.

මේ අනුව, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් 07 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී.

ඊයේ දිනයේදී ද රැඳවියන් 05 දෙනෙකු රෝහල්ගත කළ අතර අද දිනයේදී තවත් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

රෝගී රැඳවූවන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ හේතුවෙන් මියගිය අතර ඉන් අනතුරුව රැඳවියන් කිහිපදෙනෙකු උණ රෝගයට ගොදුරුවු පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වේ.

මොළේ උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ මාතර බන්ධනාගාර රැඳවූවන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද බන්ධනාගාර මුලස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here