Home උණුසුම් පුවත් ආපදාවට ලක්වූ කාරය හදන්න වගේ ඇවිත් චේන් එක කඩලා

ආපදාවට ලක්වූ කාරය හදන්න වගේ ඇවිත් චේන් එක කඩලා

0
ආපදාවට ලක්වූ කාරය හදන්න වගේ ඇවිත් චේන් එක කඩලා

ආපදාවට ලක්වූ සිය මෝටර් රථය නව කැලණි පාලම මත නතරකරගෙන සිටි ව්‍යාපාරිකයෙකු අසලට උදව් කිරීමේ මුවාවෙන් පැමිණි දෙදෙනෙක් ව්‍යාපාරිකයාගේ ගෙල බැදි රන් මාලය කොල්ලකා පළාගොස් ඇත.

මෙසේ කොල්ලකෑමට ලක්ව ඇත්තේ ජා-ඇල කපුවත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ග්‍රෑන්ඩ්පාස් පොලීසියට මේ ගැන ව්‍යාපාරිකයා පැමිණිල්ලක්ද කර තිබේ. ඊට අනුව මෙම කොල්ලය සිදුව ඇත්තේ අලුයම 4.00ත් 5.00ත් අතර කාලය තුලදීය.

කොල්ලකෑ රන් මාලය පවුම් දෙකක් බරැති එකක් බව ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here