Home උණුසුම් පුවත් වෙරි වැඩි වී ප්‍රජා පොලිස් OICට වූ දේ..

වෙරි වැඩි වී ප්‍රජා පොලිස් OICට වූ දේ..

0
වෙරි වැඩි වී ප්‍රජා පොලිස් OICට වූ දේ..

අධික ලෙස බීමත්ව පොලිස් යතුරු පැදියක් සිවිල් පුද්ගලයෙකුට පදවාගෙන යාමට ඉඩලබාදී එම යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන්ගත් එරාවුර් පොලීසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාව එරාවුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උප පොලිස් පරීක්ෂකවරයෙක් වන මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීන් ඊයේ වන විට පියවර ගෙන තිබුණි.

මෙම පොලිස් නිලධාරියා ප්‍රජා පොලිස් රාජකාරි කටයුතු සඳහා යැයි කියමින් සිය වසමේ සැරිසරමින් විවිධ පුද්ගලයින් සමඟ මත්පැන් පානයකරන බවට එරාවුර් පොලිස් ස්ථානාධිපතිවරයාට දිගින් දිගටම තොරතුරු ලැබී තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් එම නිලධාරියාට කොතෙකුත් අවවාද ලබාදුන්නද එය ඔහු තැකීමට ලක්කර නැත. එබැවින් ඉහළ පොලිස් නිලධාරීන්ව පවා මේ ගැන දැනුවත්කර තිබී ඇතත් ඔවුන්ද මේ ගැන සැලකිල්ලක් දක්වා නැත.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙම නිලධාරියාට ලබාදී ඇති යතුරු පැදියක ඔහු වෙනත් පුද්ගලයෙකුට පැදවීමට දී ඇත්තේ මේ අතර තුරදීය.

මෙම නිලධාරියා පොලිස් යතුරුපැදියක පිටුපස බීමතින් ගමන්කරන බවත් සිවිල් පුද්ගලයෙක් යතුරුපැදිය ධාවනය කරන බවත් පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් යවා ඔහුව පොලිස් ස්ථානයට රැගෙන ඒමටද පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන ඇත. එහිදී එම නිලධාරියා පොලිස් ස්ථානය තුළ කලහාකාරී ලෙස හැසිරීමට පටන් ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සන්දිවේල් පොලිස් ස්ථානයට රැගෙන ගොස් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා තැබීමට ද සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here