Home දේශීය පුවත් උණුසුම් පුවත් දිස්ත්‍රික් 5කට නායයාම් -ගස් කඩාවැටීම් -ගල් පෙරළෙන අවදානමක්

දිස්ත්‍රික් 5කට නායයාම් -ගස් කඩාවැටීම් -ගල් පෙරළෙන අවදානමක්

දිස්ත්‍රික් 5කට නායයාම් -ගස් කඩාවැටීම් -ගල් පෙරළෙන අවදානමක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික් 5කට නායයාම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මෙම අනතුරු ඇඟවීම හෙට (31) පස්වරු 02.30 දක්වා වලංගු වන බවයි.

පහත දැක්වෙන්නේ නායයාම්, විශාල ගල් පෙරළීම්, ගස් කඩාවැටීම් පිළිබඳ අවදානම් ඇති ප්‍රදේශ ය.

බදුල්ල දිස්ත්‍රික්කය
සොරණතොට, පස්සර, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මහනුවර දිස්ත්‍රික්කය
උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මොනරාගල දිස්ත්‍රික්කය
මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නුවරඑළිය දිස්ත්‍රික්කය
හඟුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට, නාඋල සහ ලග්ගල පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here