තවත් බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට දිවයිනට ලගාවීමට නියමිතව තිබේ.
රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව පවසන්නේ මෙලෙස ආනයනය කරන බිත්තර තොගය ලබන බ්‍රහස්පතින්දා වන විට රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදා හැරීමට නියමිත බවයි.
උත්සව සමයේ බිත්තර මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් ලබන අප්‍රේල් දක්වා බිත්තර ආනයනය කිරීමට පසුගියදා රජය තීරණය කළේය.
අවස්ථා දෙකකදී ඉන්දීයාවෙන් මෙසේ බිත්තර ආනයනය කර ඇත.
මේ අතර ලබන වසර අවසන් වන විට බිත්තර සහ කුකුළු මස් මිලෙහි අඩුවක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණි.
මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.