Home උණුසුම් පුවත් කහවත්තේ කතගේ ඝාතකයා දුව නෙවෙයි -ගම්වැසියෙක් අත්අඩංගුවට

කහවත්තේ කතගේ ඝාතකයා දුව නෙවෙයි -ගම්වැසියෙක් අත්අඩංගුවට

0
කහවත්තේ කතගේ ඝාතකයා දුව නෙවෙයි -ගම්වැසියෙක් අත්අඩංගුවට
fresh crime scene at night

කහවත්ත ප්‍රදේශයේදී පසුගියදා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියේ ඝාතකයා, මීට පෙර අත්අඩංගුවට ගැනුණු ඇගේ දියණිය නොවන බවත්, ඒ හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකු බවත් පොලිස් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකර ඇති බවට දැනට අනාවරණය වී ඇති හමුදාවෙන් පලාගොස් සිටින දොලේබාස් නමැති පුද්ගලයා අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ කාන්තාව විසූ නිවසේ රන් ආභරණ සොරකමක් සිදුවී ඇති බවට අනාවරණය වීමත් සමග පොලිසිය ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන පවත්වා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ දොළේබාස් නමැති පුද්ගලයා මෙම කාන්තාවගේ රන් ආභරණ සොරකමක් කර ඇති බවයි.

අදාළ කාන්තාව ඝාතනයට ලක්වීමට පෙර මෙම සොරකම සම්බන්ධයෙන් දැන සිට ඇත.

එම කාන්තාව දොළේ බාස් නමැත්තාගෙන් සිය රන් ආභරණ වරින්වර ඉල්ලා සිටියද, මඟහරිමින් රන් ආභරණ යළි භාරනොදීම නිසා අදාළ කාන්තාව පවසා ඇත්තේ තමා මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කරන බවයි.

මේ හේතුවෙන් දොලේබාස් නමැත්තා අදාළ කාන්තාව ඝාතනයට ලක්කොට ඇතැයි දැනට විමර්ශනවලින් හෙළිවී ඇති බව පොලීසිය කියයි.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව දියණිය මෙම ඝාතනයට සම්බන්ධ නැති බවට පෙනීයන්නේ යැයිද පොලීසිය කියාසිටී.

හමුදාවෙන් පලාගොස් සිටින මෙම දොලේබාස් නැමැති පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here