Home උණුසුම් පුවත් වසරේ අවසන් පුරපෝය අදයි -සිරිපා සමයත් ඇරඹෙයි

වසරේ අවසන් පුරපෝය අදයි -සිරිපා සමයත් ඇරඹෙයි

වසරේ අවසන් පුරපෝය අදයි -සිරිපා සමයත් ඇරඹෙයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ.

සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ අද වැනි පොහෝ දිනකයි.

ශ්‍රී පාද වන්දනා සමය ද අදින් ආරම්භ වේ.

මෙවරත් ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් – නල්ලතන්නි මාර්ගය, බළංගොඩ මාර්ගය සහ කුරුවිට – එරත්න මර්ගය යන මාර්ග හතර (04) ඔස්සේම ඓතිහාසික පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයේ සිට සිරිපා මළුව වෙත, සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ ඊයේ(25) උදෑසන වැඩම කෙරිණි.

මෙලෙස වැඩම කළ සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ අද (26) උදෑසන සිරිපා මළුවේ තැන්පත් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here