
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස යළිත් වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්වෙයි.
ඒ මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වෙන එම පක්ෂයේ ජාතික මහා සම්මේලනයේ දී ය.
පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි ලොකුගේ මහතා විසින් පොහොට්ටුවේ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විසින් එහිදී එය ස්ථීර කරනු ලැබීය.
සභාව විසින් අත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කරගන්නා ලදී.
එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පහතින්.