Home උණුසුම් පුවත් කොමිස් කතා -Uber, PickMe, Daraz -වැට් ගැන ජනපති කී දේ..

කොමිස් කතා -Uber, PickMe, Daraz -වැට් ගැන ජනපති කී දේ..

කොමිස් කතා -Uber, PickMe, Daraz -වැට් ගැන ජනපති කී දේ..

ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා කොමිස් මුදල් ලබාගත හැකි නමුත් සූර්ය සහ සුළං වැනි බලශක්ති ව්‍යාපෘති මඟින් කොමිස් ලබාගත නොහැකි බැවින් එවැනි ව්‍යාපෘතිවලට ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පූනකරි වැවේ සිට කිලිනොච්චි නව ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව 100%ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියටද විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් විරෝධය දැක්වූ බවත් රට මෙවැනි තත්ත්වයකට පත්වීමට මෙවැනි විරෝධතාද හේතුවූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ අමාත්‍යාංශයේ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (12) විවාදයට ගැනුණු අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

වැට් බදු සංශෝධනය පිළිබඳව ද ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළේ මෙලෙස ය.

https://youtu.be/xEQ1eGnVJ34?si=cnikwUM9RCRfu6Q5

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here