Home දේශීය පුවත් ඉන්දියාවේ සිට මෙහෙයවන මත්කුඩු ජාලයක් STF බුද්ධි අංශය බිද දමයි

ඉන්දියාවේ සිට මෙහෙයවන මත්කුඩු ජාලයක් STF බුද්ධි අංශය බිද දමයි

0
ඉන්දියාවේ සිට මෙහෙයවන මත්කුඩු ජාලයක් STF බුද්ධි අංශය බිද දමයි

මෙරටින් පළාගොස් ඉන්දියාවේ සැගවී සිටින රංග නැමැති මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් මෙහෙයවන මත්කුඩු ජාලයක් බිද දැමීමට පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

විිශේෂ කාර්ය බලකා බුද්ධි අංශය කාලයක් තිස්සේ මෙම මත්කුඩු ජාලය ගැන ඇස ගසාගෙන සිටි ඇත. ඒ අනුව ඉන්දියාවේ සිටින මත්කුඩු ජාවාරම්කරුගේ උපදෙස් මත මෙරට මත්කුඩු බෙදාහරින පුද්ගලයාව හදුනා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් සමත්ව තිබේ. එම පුද්ගලයා හැදල කෙලවරපිටියේ පදිංචිකරුවෙක් වන ශිව පාලන් රංජන් නොහොත් වසී නැමැති අයෙකි. තිස් අට වියැති ඔහු ත්‍රී රෝද රථයයක නැගී ඉන්දියාවෙන් ලැබෙන උපදෙස්වලට අනුව මත්කුඩු විවිධ තැන්වලට රැගෙන ගොස් බෙදා හරින බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

ඒ අනුව ඊයේ (21) මෙම පුද්ගලයා ලක්ෂ 20 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 205 ක් රැගෙන ත්‍රී රෝද රථයක නැගී ගමන් කරමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලදාරීන් කණ්ඩායමක්් මට්ටක්තුළිය කදිරාන පාලම මතදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාාංශයට භාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here