Home උණුසුම් පුවත් රෝහලේ අලුත් බැම්ම හදද්දී පැරණි බැම්මට යටවී අයකු මරුට

රෝහලේ අලුත් බැම්ම හදද්දී පැරණි බැම්මට යටවී අයකු මරුට

රෝහලේ අලුත් බැම්ම හදද්දී පැරණි බැම්මට යටවී අයකු මරුට

(සටහන සහ ඡායාරූප: නදීක දයා බණ්ඩාර-මහනුවර)

යටිනුවර හේනාවල ප්‍රාදේශීය රෝහලේ ඉදිකිරීම් සඳහා පස් කපමින් සිටියදී කඩාවැටුණු පැරණි බැමමට යටවීමෙන් එක් අයෙකු මණයට පත්ව තිබේ.

නව බැම්මක් ඉදිකිරීම සඳහා පස් කැපීමේදී අද දහවල් 12.00ට පමණ අවදානම් සහිත පැරණි බැම්ම කඩා වැටී ඇත.

එහි පස් කපමින් සිටි පුද්ගලයෙක් ඊට යටවී ඇති අතර සෙසු කම්කරුවන් එක්ව යටවූ පුද්ගලයා මුදාගෙන රෝහල්ගත කළත් ඒ වනවිට ඔහු මරණයට පත්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කඩාවැටුණු බැම්මේ ගල් හා පස් අතර සිරවී සිටි ඔහු ගොඩගැනීම සඳහා පැය 1 ½ක පමණ කාලයක් ගත වී තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ යටිනුවර පරණපට්ටියේ පදිංචි රංජිත් අබේරත්න නැමැති 33 හැවිරිදි විවාහක අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here