
අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) 2022(2023) විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් 394450ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 78103ක් මෙවර විභාගය සඳහා පෙනී සිටියහ. www.doenets.lk සහ www.results.exams.gov.lk පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනිිමේ හැකියාව පවතියි.
දේශීය හා විදේශීය භාවිතය සඳහා මෙම විභාගයේ සහතික පත්‍ර අද(01) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට හැකියාව තිබේ.
නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ලබන 04 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/MOE-MED-ol.pdf” title=”MOE MED ol”]