Home උණුසුම් පුවත් මැතිසබේ කැළඹූ රාජ්‍ය ඇමතිට සති 2ක තහනමක් (📹)

මැතිසබේ කැළඹූ රාජ්‍ය ඇමතිට සති 2ක තහනමක් (📹)

මැතිසබේ කැළඹූ රාජ්‍ය ඇමතිට සති 2ක තහනමක් (📹)

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට සති දෙකකට තහනම් කර තිබේ.

අද දින පාර්ලිමේන්තු සැසිය ආරම්භක අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඊයේ දින (21) පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදු වූ විනය විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකින බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවයි.

ඊයේ දින විපක්ෂනායකවරයා විසින් ප්‍රශ්නයක් සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේදී එහි කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මන්ත්‍රීවරයාට පිළිබඳ මෙම පියවර ගත් බව කථනායකවරයා පැවසීය.

රට බංකොළොත් වීමට වගකිව යුතු පිරිස සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් විපක්ෂනායකවරයා විසින් ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මැතිසබේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මේ වනවිට පැවැත්වේ.

එහි සජීවි විකාශය මෙතැනින්.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවීම පිළිබඳ  කථානායකවරයාගේ නිවේදනය පහතින්.

සබැඳි පුවත් “නංගි කරපුවත් කියන්න”..”මගේ ප්‍රශ්නේ ඉස්සුවා” -මැතිසබේ කලබගෑනියක් (📹)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here