තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාසයක් සීනි මිල අඩුවට -පාලන මිල ඉවතට

    මාසයක් සීනි මිල අඩුවට -පාලන මිල ඉවතට

    මාසයක කාලයකට සතොස සහ තෝරාගත් වෙළඳසැල් හරහා රුපියල් 275 සීමාවක් යටතේ ජනතාවට සීනි අලෙවි කරන බව රජය පවසයි.

    වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද (20) සඳහන් කළේ ශත 25 බද්ද යටතේ ආනයනය කර තිබූ සියු සීනි තොග රජය විසින් මීලදී ගෙන මෙලෙස බෙදාහැරීමට තීරණය කළ බවයි.

    ඉන් අනතුරුව සීනි පාලන මිලක් අවශ්‍ය නොවන බවද හෙතෙම කීය.

    සීනි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ ඇත.

    මීට පෙර කිලෝග්‍රෑමයකට ශත 25ක්ව පැවති සීනි ආනයන බද්ද පසුගියදා රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ වෙළෙඳපොළේ අසාමාන්‍ය සීනි හිඟයක් සහ විශාල ලෙස සීනි මිල ඉහළ යාමක් දක්නට ලැබුණි.

    රජය පාලන මිල පැනවූයේ අදාළ බදු මිල වැඩිකිරීමත් සමඟය.

    කෙසේවෙතත් මේ වනවිට රටතුළ සීනි හිඟයක් පවතින බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img