Home උණුසුම් පුවත් හිමිනමකගෙන් පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක්

හිමිනමකගෙන් පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක්

0
හිමිනමකගෙන් පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක්

දිවා පාමුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරියකු‍ට හිමිනමක එල්ල කළ පිහි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා දෙනියාය ‍රෝහලට ඇතුළත් කර තිබේ.

දෙනියාය, පල්ලේගම, ගම්ගොඩ පාරේ මහලු නිවාසයක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුව ඇත්තේ අද පස්වරුවේයි.

පහරකෑමට ලක්ව ඇත්තේ ‍පොලිස් කොස්තාපල්වරයෙකි.

කොටිකද විහාරයේ හිමිනමක විසින් පොලිස් නිලධාරියාගේ බේල්ලේ පිටුපසට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇත.

පහරදීමට හේතු වී ඇත්තේ මෙම හිමිනමගේ දෙනියාය පදිංචි නැගණිය සහ පොලිස් නිලධාරියා අතර ප්‍රේමසම්බන්ධයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here