Home උණුසුම් පුවත් පලස්තීන ප්‍රශ්නය ගැන පොදු එකඟතාවක්

පලස්තීන ප්‍රශ්නය ගැන පොදු එකඟතාවක්

පලස්තීන ප්‍රශ්නය ගැන පොදු එකඟතාවක්

අරාබි-ඉස්ලාම් රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ විශේෂ සමුළුව පලස්තීන ප්‍රශ්නය පිළිබඳ තීරණයක් සම්මත කරයි.

සෞදි අරාබි විදේශ අමාත්‍යාංශය ඊයේ (11) රාත්‍රී එම තීරණය ප්‍රකාශයට පත් කළේය. ගාසා තීරය හා ජොර්දාන ගඟේ බටහිර ඉවුර යන ප්‍රදේශවලට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර එම තීරණයෙන් හෙළාදැක ඇත. එසේම, අල්ලාගනු ලැබූ තම භූමියේ නිදහස සහ ස්වාධීනත්වය පලස්තීන ජනතාවට යළි හිමිකර ගැනීම සඳහා සහාය වන බව ද එමගින් අවධාරණය කර තිබේ.

අරාබි-ඉස්ලාම් රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ විශේෂ සමුළුව ඊයේ (11) පස්වරුවේ සෞදි අරාබියේ රියාද් අගනුවර දී පැවැත්විණ. අරාබි සංගම් සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානවල සාමාජික රටවල නායකයෝ, රාජ්‍ය ප්‍රධානීහු සහ ඉහළ පෙළේ නියෝජිතවරු මෙම සමුළුවට සහභාගි වූහ.

මේ අතර, ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන්ට ආයුධ හා පතොරම් අපනයනය කිරීම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද සියලුම රටවලින් තරයේ ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here