Home උණුසුම් පුවත් අමෙරිකාවේ ඉඳන් අහසින් මව්බිමට ආ යෝධ පැන්ඩෝ

අමෙරිකාවේ ඉඳන් අහසින් මව්බිමට ආ යෝධ පැන්ඩෝ

අමෙරිකාවේ ඉඳන් අහසින් මව්බිමට ආ යෝධ පැන්ඩෝ

ඇමරිකාවේ සිටි චීන යෝධ පැන්ඩා පවුලක් අදාළ ගිවිසුම් කාලය සම්පූර්ණ වීමෙන් පසු යළි චීනයට රැගෙන එනු ලැබේ.

ඇමරිකාවේ ජාතික සත්වෝද්‍යානයේ සිටි ‘මෙයි ෂියැං’, ‘ටියැන් ටියැන්’සහ ‘ෂියාඕ චිජි’ යන නම් සහිත යෝධ පැන්ඩාවෝ තිදෙනා ඉකුත් 8 වැනිදා ගුවන් යානයකින් චීනයේ චෙංදු නගරය වෙත රැගෙන එනු ලැබූහ.

මේ පිළිබඳව නැගුණු පැනයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකා‍ශක වං වෙන්බින් මහතා ඊයේ (09) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ චීන-ඇමරිකානු සහයෝගිතා ගිවිසුමට අනුව, එම යෝධ පැන්ඩා පවුල නියමිත කාලය නිමවා මව්රටට රැගෙන ආ බව යි.

යෝධ පැන්ඩා චීනය හා විදේශ රටවල් සමග පවතින හුවමාරු සබඳතා සවිමත් කරවන ‘මිත්‍ර දූතයෙකු’ ලෙස සැලකේ.

1996 වසරේ සිට, චීනය හා ඇමරිකාව යෝධ පැන්ඩා සංරක්ෂණ පර්යේෂණ පිළිබඳ සහයෝගිතා ආරම්භ කර තිබේ. 2000 වසරේ සිට දෙරට යෝධ පැන්ඩා අභිජනනය, රෝග වැළැක්වීම, පාලනය හා ප්‍රතිකාර කිරීම ඇතුළු ක්ෂේත්‍රවලින් සක්‍රිය ප්‍රගතීන් ලබා ඇති බව ද වං වෙන්බින් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here