Home උණුසුම් පුවත් නාරිගම වෙරළේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මුහුදේ ගිලී මරුට

නාරිගම වෙරළේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මුහුදේ ගිලී මරුට

0
නාරිගම වෙරළේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මුහුදේ ගිලී මරුට

සිය මිතුරන් දෙදෙනෙක් සමඟ හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියවැලකට හසුවී ඊයේ ගසාගෙන ගොස් ඇත.

ජීවිතාරක්ෂක නිලධාරීන් වහාම මුහුදට පැන මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාව ගොඩට රැගෙන විත් ප්‍රථමාධාර ලබාදී බලපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව බලපිටිය රෝහල් ප්‍රකාශකයෙන් සඳහන් කළේය.

මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වයසැති Mulling Stephen William නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here