තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විසිදාහේ වැටුප් වැඩිවීම ඉල්ලා රාජ්‍ය සේවකයන්ගේ අත්සන් ලක්ෂයක්

    විසිදාහේ වැටුප් වැඩිවීම ඉල්ලා රාජ්‍ය සේවකයන්ගේ අත්සන් ලක්ෂයක්

    ඉදිරි අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා රාජ්ය-පළාත් රාජ්ය කළමනාකාර සේවා නිලධාරී සංගමය විසින් අත්සන් ලක්ෂයකින් යුත් පෙත්සමක් අද දින (07) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත මුදල් අමාත්යාංශයේ දී බාරදී තිබේ.

    ජනාධිපතිවරයා මේ මොහොතේ රාජ්ය අංශයේ වැටුප් වැඩිකිරීමක් ඉදිරි අයවැයේදී ප්රකාශ කරන බවට සේවකයින්ට පොරොන්දු වී ඇති බැවින්, තුලනාත්මක වැටුප් වැඩිවීමක් ඉදිරි අයවැයේදී සිදුවනු ඇති ඔවුන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    පසුගිය ඔක්තෝබර් 19 වනදා මුදල් රාජ්‍ය අමාත්‍යාවරයා වෙත තම සංගමය විසින් ඉදිරිපත් කළ වැටුප් වැඩිකිරීමේ සංදේශයට සමගාමීව 2024 අයවැයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සියලුම සේවාවන්හි නියුතු රාජ්‍ය සේවකයන් ලක්ෂයකගේ අත්සනින් යුක්තව මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව එම සංගමය කීය.

    රාජ්ය-පළාත් රාජ්ය කළමනාකාර සේවා නිලධාරී සංගමය විසින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වෙත අද දින බාරදෙන ලද අත්සන් ලක්ෂයක පෙත්සම පහත ලිපිය ද සමඟින් ඉදිරිපත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img