Home උණුසුම් පුවත් ට්‍රැෆික් පොලිස් රාළහාමිට කුරුදුවත්තේදී කතුන් දෙදෙනක් පහරදීලා

ට්‍රැෆික් පොලිස් රාළහාමිට කුරුදුවත්තේදී කතුන් දෙදෙනක් පහරදීලා

0
ට්‍රැෆික් පොලිස් රාළහාමිට කුරුදුවත්තේදී කතුන් දෙදෙනක් පහරදීලා

කොළඹ නාගරික රථ වාහන පොලීසියේ කොස්තාපල්වරයෙකුට කුරුදුවත්තේදී පහරදුන් කතුන් දෙදෙනෙක් කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා කුරුදුවත්ත පොලිස් වසමේ බීමතින් රිය පැදවන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමකට සහභාගිවීමට ගොස් සිටියදී ඔහු පැදවූ පුද්ගලික යතුරු පැදියේ ඉන්ධන අවසන් වී තිබේ. එබැවින් ඔහු යතුරු පැදිය මාර්ගයේ තල්ලුකරමින් රැගෙන යමින් සිටියදී කුරුදුවත්ත ග්‍රෙගරි මෙට්ලන්ඩ් හන්දිය ආසන්න ප්‍රදේශයකදී මෝටර් රථයක් තුල රැදෙමින් මත්පැන් පානයකරමින් සිටි කතුන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් අසභ්‍ය වචනවලින් බැන වැදී ඇත.

මෙහිදී අදාල නිලධාරියා යතුරුපැදිය නවතා එම මෝටර් රථය අසලට ගොස් ඇත්තේ තමන්ට දොස් නැගූ පුද්ගලයින් කවුරුන්දැයි දැනගැනීමටය. එහිදී කතුන් දෙදෙනා පොලිස් නිලධාරියාට පහරදී ඇතැයි පොලීසිය කියයි. කතුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත.

මේ සම්බන්ධයෙන් කතුන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 03 සහ කොළඹ 14 පදිංචි අවුරුදු 43 හා අවුරුදු 30 යන වයස්වල එම කතුන් පසුවන්නන් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here