Home උණුසුම් පුවත් පොලීසියට වටකර පහරදුන් කතුන් ඇතුළු 7ක් අත්අඩංගුවට

පොලීසියට වටකර පහරදුන් කතුන් ඇතුළු 7ක් අත්අඩංගුවට

0
පොලීසියට වටකර පහරදුන් කතුන් ඇතුළු 7ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මත්පැන් පෙරා අලෙවි කිරීමේ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගිය බුලත්සිංහල පොලීසියේ නිලධාරීන් පිරිසකට පහරදුන් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී බව පොලීසිය කියයි

බුලත්සිංහල පොලිස් ස්ථානයට අනුයුක්ත දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්,සැරයන්වරයෙක්, කොස්තාපල්වරු දෙදෙනෙක් අළුත්කැටිය වෙල්ගම ප්‍රදේශයේ වැටලීමක්කර ඇත්තේ නීති විරෝධි මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවය. එහිදී ගෝඩා පැරල් 02ක් සමඟ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

ඡාවාරම්කරු පළාගොස් ඇත්තේ ඔහු පදිංචි නිවසට වූ බැවින් පොලිස් කණ්ඩායම එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට නිවසට ගොස් තිබේ. එහිදී ඡාවාරම්කරුගේ ඥාතීන් එක්ව පොලිස් නිලධාරීන්ට නිවසට ඇතුළුවීමට ඉඩ නොදී කළහාකාරී ලෙස හැසිරී ඇතැයි පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරීමෙන් පසු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඇත. නිවස තුළට ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් ඇතුළු වූ අවස්ථාවේදී නිවැසියන් නිවසේ විදුලිය විසන්ධිකර නිලධාරීන්ට පහරදී ඇති බවත් එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන සැකකරු පළාගොස් ඇති බවත් පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බුලත්සිංහල රෝහලට ඇතුලත්කර ඇත. පොලිස් නිලධාරීන්ට පහරදීම හා සැකකරුට පළායාමට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here