fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්SLC ලියාපදිංචිය අත්හිටුවයි -අර්ජුනගේ සභාපතිත්වයෙන් අලුත් මණ්ඩලයක්

    SLC ලියාපදිංචිය අත්හිටුවයි -අර්ජුනගේ සභාපතිත්වයෙන් අලුත් මණ්ඩලයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ඊයේ(05) දින සිට අත්හිටුවා තිබේ.

    එහි කටයුතු සිදුකිරීම සඳහා නව අන්තර් පාලන මණ්ඩලයක් පත්කර ඇත.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

    2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 ලෝක කුසලානය (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරන ලද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් සහ වගකීම් ඉටුකිරිම පැහැර හැරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බැවින් සහ අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව සහ විශ්වාසනීය ලෙස ඉටුකිරීමට අවකාශ සලසා දීම සඳහා තමාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගත් බව අමාත්‍යවරයා කියයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල කාර්ය හා කර්තව්‍යය නිසි පරිදි සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙන තුරු පවත්වාගෙන යාම සඳහා ඊයේ(05) දින සිට ක්‍රියාත්මක වන අන්තර් පාලන මණ්ඩලයක් පත්කර ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කෙරේ.

    හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍යවරයා විසින් පත්කරන ලද එම මණ්ඩලය පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

    අර්ජුන රණතුංග (සභාපති), විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, එච්.කේ. උපාලි ධර්මදාස, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, එම්.එච්. ජමල්ඩීන් යන අය එම මණ්ඩලයට ඇතුළත් ය.

    වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව මහජනතාව තුළ විශ්වාසය කඩවී ඇති බව පෙනීයන හෙයින් සහ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපකීර්තියට පත්වීමට කරුණු යෙදී ඇති බව අමාත්‍යවරයා කියයි.

    ඊට ප්‍රතිකර්ම සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කරනු ලැබීමට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කරලීම සඳහා ක්‍රීඩා නීතියට සහ මූලික නීති මූලධර්මයන්ට අනුව ක්‍රියාකරමින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    2356-43_S

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.