Home උණුසුම් පුවත් පොලිස් නිලධාරීන් කූඩුවේ දමා සොරෙක් පලායයි

පොලිස් නිලධාරීන් කූඩුවේ දමා සොරෙක් පලායයි

0
පොලිස් නිලධාරීන් කූඩුවේ දමා සොරෙක් පලායයි

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මතුගම පොලිස් ස්ථානයේ සිර මැදිරියක රදවා සිටි සැකකරුවෙකු පළාගොස් ඇත.

පපුවේ අමාරුවක් යැයි කියා මෙම සැකකරු සිර මැදිරියේ බිම වැතිරී කෑගසමින් සිටියදී සිටියදී ඒ බව පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් සිරමැදිරිය විවෘතකළ අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සිර මැදිරිය තුළ දමා පළාගොස් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙසේ පළාගොස් ඇත්තේ මතුගම ඕවිටිගල පදිංචිකරුවෙක් වන මධුසංක විජේසිංහ නැමැති අයෙකි.

මෙම සැකකරු පළාගොස් ඇත්තේ පෙරේදා (02) රාත්‍රී කාලයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here