Home උණුසුම් පුවත් “දැඩි ක්‍රියාමාර්ග ගන්න කලින් SLC සහ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙන්න” -ක්‍රීඩා ඇමති

“දැඩි ක්‍රියාමාර්ග ගන්න කලින් SLC සහ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙන්න” -ක්‍රීඩා ඇමති

“දැඩි ක්‍රියාමාර්ග ගන්න කලින් SLC සහ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙන්න” -ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව වගකීම බාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

තමා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් අප සතුව ඇති නමුත් ඔවුන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ නොදී, මුදල් තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිත කරන ක්‍රිකට් බලධාරීන් මෙම පරාජයන් සම්බන්ධයෙන් වගකීම ක්‍රීඩකයන්ට වඩා නිලධාරීන් සතු බව අමාත්‍යවරයා කියාසිටී.

මේ අතර “ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හිතාමතා කරන හිරිහැර” හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම ඉල්ලමින් ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක මෑත කාලීන තරගාවලි කිහිපයකට ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම් පිළිබඳව අවධාරණය කරමින් මෙම ගැටලු විසඳාගැනීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රණසිංහ සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වන බරපතල චෝදනා සහ දූෂණ චෝදනා හමුවේ එහි ක්‍රියාකලාපය කණගාටුදායක බවයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ තේරීම් කමිටුවට චෝදනා කරමින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here