තවත්
    මුල් පිටුවspecialලංකා ක්‍රිකට් වැනසූ ඉන්දියාව ලෝක කුසලානයට ළංවෙයි

    ලංකා ක්‍රිකට් වැනසූ ඉන්දියාව ලෝක කුසලානයට ළංවෙයි

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු බලඇණිය වනසමින් ලකුණු 302ක ජයක් ලබාගත් ඉන්දියාව අද(02) ලබාගත් ජයත් සමගින් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

    වන්කඩේ ක්‍රිඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 8කට ලකුණු 357ක් ලබා ගත්තේය.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් ඉන්දිය පිතිකරුවන් වූ සුබ්‍රාම් ගිල් 92ක්, විරාත් කෝලි 88ක් සහ ශිරේයාස් අයියර් 82ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කළහ.

    ලකුණු 358ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 19.4කදි දවාගත් ඉන්දිය පන්දුයවන්නෝ පිට පිට දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 60කට අඩු සංඛ්‍යාවට දවාලමින් වාර්තා පොත් අලුත් කළහ.

    එක්දින ලෝක කුසලාන තරගයක ශ්‍රී ලංකාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ.

    ඉන්දියාව 357/8 (50)

    ශ්‍රී ලංකාව 55/10 (19.4)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img