Home උණුසුම් පුවත් “කාටවත් පදනමක් නැති දේවල් කියන්න මාධ්‍යවල ඉඩදෙන්න එපා” -පොලීසිය(📹)

“කාටවත් පදනමක් නැති දේවල් කියන්න මාධ්‍යවල ඉඩදෙන්න එපා” -පොලීසිය(📹)

“කාටවත් පදනමක් නැති දේවල් කියන්න මාධ්‍යවල ඉඩදෙන්න එපා” -පොලීසිය(📹)

පදනමකින් තොරව, ජනතාවගේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම, ප්‍රකෝපයට පත්වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමට මාධ්‍ය මගින් කිසිදු පුද්ගලයකුට ඉඩනොදෙන ලෙස පොලිස් නීති දිසාවේ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සියලුම මාධ්‍යවලින් ඉල්ලීමක් කරයි.

එවැනි ප්‍රකාශයක් සිදුකිරීම මෙරට නීතිය යටතේ අපරාධමය වරදක් වන බැවින් එවැන්නකට ඉඩනොදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි චූඩාමාණික්‍ය හා එහි පාදමෙහි ඔබ්බවා තිබූ මැණික් ගල් ගලවා ඉවත්කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ගල් ඇතුළත් කර ඇති බවට යූ ටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අනුජ රෂන්ත ජයසිංහ නමැත්තාට එරෙහිව නඩු පවරා ඇති බවට කරුණු ඉදිරිපත් කරමිනි.

අනුජ නමැත්තා එම ප්‍රකාශය කර තිබුණේ ‘තමාට දැනුණු බලවේගයක් මත’ බවට ඔහු පවසා තිබූ බවත් එය මුළුමනින්ම පදනම් විරහිත ප්‍රකාශයක් බැවින් මෙවැනි නිසි පදනමක් නොමැති ප්‍රකාශශවලට විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යවලින් ඉඩනොදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටී.

අනුජ ජයසිංහට එරෙහිව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා පසුගියදා ගොනු කළේය.

2022 මැයි මස මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබුණි.

එම වැඩසටහන නරඹනු ලබන ප්‍රේක්ෂකයන් ලවා මහජන සාමය කඩකිරීමේ අරමුණෙන් ඔවුන් ප්‍රකෝප කිරීමේ අදහසින් හෝ එබන්දක් සිදුවිය හැකි බව දනිමින් ඔහු මෙම ප්‍රකාශය කර ඇති බවද එම අධිචෝදනා පත්‍රය මඟින් පෙන්වා දී තිබුණි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම ප්‍රේක්ෂකයන් ප්‍රකෝපයට පත් කිරීම මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ හා 490 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් විත්තිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි එම අධිචෝදනා පත්‍රය ගොනුකරමින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here