තවත්
    මුල් පිටුවspecialශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට පරදියි

    ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට පරදියි

    ලෝක කුසලාන තරගාවලියේ තිස්වැනි තරගය ශ්‍රී ලංකාව පරාජය කොට කඩුලු 7කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද(30) සමත්විය.

    ඒ අනුව සුපිරි සිවු දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ සිහිනය මදක් ඈතට විසිවිය.

    කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රකිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 241කට සීමා කළේය.

    දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරණයට නැවත කැදවා තිබුණ ද ඔහු ලකුණු 15කට දැවී යාමත් සමඟ ඇෆ්ගන් චිත්ත ධෛර්ය ඉහළ ගියේය. පිතිකරුවකු ලෙස ඉහළම ලකුණු ලබා ගත්තේ ලකුණු 46ක් ලබාගත් පැතුම් නිශ්ශංක පමණි.

    242 ඉලක්කයක් හඹාගිය ඇෆ්ගන් ක්‍රීඩකයෝ පන්දුවාර 45.2 තුළ ජයග්‍රාහි ඉලක්කය ලබා ගත්තේ රහමත් ෂා, නායක හස්මුල්ලා ෂහිඩි සහ අස්මුල්ලා ඔමාර්සායිගේ අර්ධ ශතක වාර්තා කරමිනි. තරගයේ වීරයා සම්මානය ලකුණු 34ට කඩුලු 4ක් දවාගත් ෆස්වුල්ලාක් ෆාරුකි ට හිමිවිය.

    ශ්‍රී ලංකාව 241 (49.3)

    ඇෆගනිස්ථානය 242/3 (45.2)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img