Home COVID ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක 400 කට කොවිඩ්

ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක 400 කට කොවිඩ්

0
ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක 400 කට කොවිඩ්

තුල්හිරිය ආයෝජන කලාපයේ පිහිටි මෙරට ප්‍රමුඛතම ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ.

කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටින සේවක සේවිකාවන් 2000 කට කළ පී.සී.ආර්. පරීක්ෂාවකින් මෙම පිරිස හදුනා ගෙන ඇත.

ඒ අනුව පෙනී යන්නේ මෙම කර්මාන්ත ශාලාවේ පී.සී.ආර්. කළ සේවක සේවිකාවන්ගෙන් සියයට 40 කට කොවිඩ් 19 ආසාදිත බවය.

ආසාදිතයින් හදුනා ගැනීමත් සමග ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සදහන් කළේය. මේ වන විට එම 400 දෙනාගේආශිතයන් හදුනා ගනිමින් ඒ අය නිරෝධායනය කිරීමටත් පී.සී.ආර් සදහා යොමු කිරීමටත් පියවර ගෙන තිබෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here