Home උණුසුම් පුවත් ව්‍යාපාරිකයාගෙන් කප්පමක් ගන්න හැදූ පාතාලයා කොටුවෙයි

ව්‍යාපාරිකයාගෙන් කප්පමක් ගන්න හැදූ පාතාලයා කොටුවෙයි

0
ව්‍යාපාරිකයාගෙන් කප්පමක් ගන්න හැදූ පාතාලයා කොටුවෙයි

මුල්ලේරියාවේ පදිංචි ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ලකර රුපියල් ලක්ෂ 20ක කප්පමක් ඉල්ලූ පාතාල අපරාධකරුවෙකුව මුල්ලේරියාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කප්පම ඉල්ලා තර්ජනයකර ඇත්තේ 19 වෙනිදා බවත් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවත් මුල්ලේරියාව පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවටගත් සැකකරු අංගොඩ දෙල්ගහවත්ත පාරේ පදිංචි 51 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙම ව්‍යාපාරිකයාගෙන් තමා කප්පම් ඉල්ලා තර්ජනය කරනු ලැබුවේ ඩුබායිහී රැදී සිටින සංඛ නැමැති පාතාල අපරාධකරුගේ මෙහෙයවීම මත අත්අඩංගුවටගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

පොලිස් මූලස්ථානය පවසනුයේ තර්ජනය කර කප්පම් ඉල්ලා සිටින විට කිසිවිටකත් එම මුදල් ලබානොදෙන ලෙසත් ඒ ගැන පොලීසියට පැමිණිලිකරන ලෙසත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here