Home උණුසුම් පුවත් ටික්ටොක් වීඩියෝව දෙදෙනෙකුට මරු කැඳවයි

ටික්ටොක් වීඩියෝව දෙදෙනෙකුට මරු කැඳවයි

0
ටික්ටොක් වීඩියෝව දෙදෙනෙකුට මරු කැඳවයි

නාවල් අඩි කලපුවේ ඔරුවක නැගී මඩකලපුවේ පදිංචි තරුණයින් 06 දෙනෙකු ඊයේ දහවල් කාලයේදී “ටික්ටොක්“ වීඩියෝවක් රූගතකරමින් සිටි සිට ඇත.

එම තරුණයින්ගේ බර එම ඔරුවට දැරිය නොහැකි තැන එහි කොල්ලෑව කැඩී ඔරුව පෙරලීගොස් ඇත්තේ ඔවුන් 06 දෙනාම කලපුවේ ගිල්ලවමිනි.

පිහිනන්න හැකි අය ගොඩබිමට පිහිනා ගොස් දිවි බේරාගත් අතර පිහිනීමට නොහැකි ඇතැම් අය පෙරළුණු ඔරුවේ එල්ලී සිටියේ ආධාරක කණ්ඩායමක් පැමිණෙන තුරුය.

ඒ අතර තරුණයින් දෙදෙනක් දියේ ගිලී අතුරුදන් වන්නේ ජීවිතය මරුතුරුලට රැගෙන යමිනි.

මඩකලපුව, මාමන්ගම, ආනන්දපුරම් හී පදිංචිකරුවෙක් වන කේ. තිරුජන් (18) , මඩලකපුව , බාවිත්තර පාර, ශිලාමුනේ පදිංචිකරුවෙක් වන ටී. කිරුෂාන් (19) යන තරුණයින් දෙදෙනා මෙසේ අවාසනාවන්ත ලෙස මරණයකට ලක්වන අතර සෙසු සිව් දෙනාම ජීවිත ගලවාගෙන තිබුණු බව කානන්කුඩි පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here