Home උණුසුම් පුවත් මිරිස් කුඩු ගසා ලක්ෂ 45ක් කොල්ලකාලා

මිරිස් කුඩු ගසා ලක්ෂ 45ක් කොල්ලකාලා

0
මිරිස් කුඩු ගසා ලක්ෂ 45ක් කොල්ලකාලා

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින ව්‍යාපාරිකයෙකු සිය ව්‍යාපාරික ස්ථානය වසා දමා සිය නිවස බලා යමින් සිටියදී අද අලුයම ඔහුගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර රුපියල් ලක්ෂ 45 කට ආසන්න මුදලක් කොල්ල කා තිබේ.

ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික ස්ථානය වසා සේවකයෙකු සමග ත්‍රීරෝද රථයකින් ගමන්කර සේවකයා මීගොඩ දහම් මාවතෙන් අරලවා යමින් සිටියදී මෙම මිරිස් කුඩු ප්‍රහාරයට ලක්ව ඇති බව මීගොඩ පොලීසිය කියයි.

මීගොඩ සිරිරතන මාවතේදී මිරිස් කුඩු ප්‍රහාරයට ව්‍යාපාරිකයා ලක්ව ඇති බව පොලීසිය කියයි. ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමාගේ මුහුණට මිරිස් කුඩු එල්ලකර මුදල් පසුම්බිය පැහැරගත් බවය.

මෙම කොල්ලය සිදුවන විට ත්‍රීරෝද රථයේ සිට ඇත්තේ ඔහු පමණක් බවත් රථය පදවා ඇත්තේ ඔහු බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here