Home උණුසුම් පුවත් පොලීසියේ පැරණි අංකයකින් සැප ජිප් රියක් පැද්ද ව්‍යාපාරිකයා කොටු

පොලීසියේ පැරණි අංකයකින් සැප ජිප් රියක් පැද්ද ව්‍යාපාරිකයා කොටු

0
පොලීසියේ පැරණි අංකයකින් සැප ජිප් රියක් පැද්ද ව්‍යාපාරිකයා කොටු

වසර 39කට පෙර පොලීසිය විසින් භාවිතයෙන් ඉවත්කරන ලද ජිප් රථයක අංකයකින් ධාවනය කළ සුඛෝපභෝගී ජිප් රථයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ මහියංගනයේදී ව්‍යාපාරිකයෙක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව කළ බුද්ධි විමර්ශනයකට අනුව කළ සොයා බැලීමකින් අනතුරුව කළ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙම ජිප් රථය භාවිත කර ඇත්තේ මහියංගනයේ පදිංචි වාහන සේවා ආයතනයක හිමිකරුවෙකි.

වැඩිදුර විමර්ශන සඳහා ජිප් රථය හා සැකකරු රිදීමාලියද්ද පොලීසියට භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here