Home දේශීය පුවත් උණුසුම් පුවත් රිෂාඩ් – ප්‍රේමලාල් මන්ත්‍රීවරු ලබන සතියේ පාර්ලිමේන්තුවට!

රිෂාඩ් – ප්‍රේමලාල් මන්ත්‍රීවරු ලබන සතියේ පාර්ලිමේන්තුවට!

රිෂාඩ් – ප්‍රේමලාල් මන්ත්‍රීවරු ලබන සතියේ පාර්ලිමේන්තුවට!

රැඳවුම් නියෝග මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ලබන සතියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට එකඟ වන්නේ නම් මෙම කැඳවීම කිරීමට කථානායකවරයා තීන්දු කර ඇත.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලිපියක් මගින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here