Home special සියවසකට පසුව මොරොක්කෝවේ වූ ප්‍රභලතම භූ කම්පාවෙන් සිය ගණනක් මරුට

සියවසකට පසුව මොරොක්කෝවේ වූ ප්‍රභලතම භූ කම්පාවෙන් සිය ගණනක් මරුට

සියවසකට පසුව මොරොක්කෝවේ වූ ප්‍රභලතම භූ කම්පාවෙන් සිය ගණනක් මරුට
View of a damaged car and debris from the earthquake in Marrakech, Morocco September 9, 2023 in this screen grab taken from a video. Al Oula TV/Handout via REUTERS

මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භූ කම්පනයකින් අවම වශයෙන් 296 දෙනෙකු මිය ගොස් 153 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙය, සියවසකට වැඩි කාලයකදී උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවේ එම ප්‍රදේශයට බලපෑ ප්‍රභලතම භූ කම්පනය බව අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.8 ක් ලෙස සටහන් වී ඇත.

මොරොක්කෝවේ මරකෙෂ්හි ගොඩනැගිලිවලට භූ කම්පනයෙන් බරපතළ හානි සිදු විය.

භූමිකම්පාව ඇති වූයේ එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11 ට පසුවය (GMT 22:00).

භූමිකම්පන කේන්ද්‍රය මරකේෂ් සිට ඊසාන දෙසින් කිලෝමීටර 72 ක් (සැතපුම් 44) පමණ දුරින් කිලෝමීටර් 18.5 (සැතපුම් 11.5) ගැඹුරේ සිදුවූ බව අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

මොරොක්කෝවේ මධ්‍යයේ පිහිටි ඇට්ලස් කඳුකරයේ, මරකේෂ් නගරයට ආසන්නව පළාත් හයකට භූමිකම්පාව බලපා ඇත.

කම්පනයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ මිලියන අටක් 10 ක ජනතාවක් ජීවත් වේ.

ඔවුන් වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර පාරිසරික සංචාරක ව්‍යාපාරයෙන් මුදල් උපයන්නන් ය.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි ගණනය තවමත් සිදුවී නොමැති බැවින් මෙම සංඛ්‍යා තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here