Home උණුසුම් පුවත් නුදුරේදීම පත්කරන අලුත් කොමිසම

නුදුරේදීම පත්කරන අලුත් කොමිසම

නුදුරේදීම පත්කරන අලුත් කොමිසම

ඉදිරි සති දෙක තුළ දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ ‍නව කොමිසමක් පත්කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම කොමිසමට ද ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබාදිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සමඟ ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

21 වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා කීය.

ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ලබා ගන්නා බවත් ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here