Home උණුසුම් පුවත් චීන අගමැති පළමු ආසියානු නිල සංචාරය අරඹයි

චීන අගමැති පළමු ආසියානු නිල සංචාරය අරඹයි

චීන අගමැති පළමු ආසියානු නිල සංචාරය අරඹයි

 
නැගෙනහිර ආසියානු සහයෝගිතාව තේමා කරගත් නායක සමුළු රැසකට එක්වීම සඳහා චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා බෙයිජිං අගනුවරින් පිටත්ව යයි.

හෙතෙම ඊයේ (5) ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ළඟා විය.

එරට රැඳී සිටින කාලයේ දී අගමැතිවරයා 26 වැනි චීන-ආසියාන් නායක සමුළුව, 26 වැනි ආසියාන්-චීන, ජපාන, ‍දකුණු කොරියානු නායක සමුළුව සහ 18 වැනි නැගෙනහිර ආසියානු නායක සමුළුවට සහභාගි වීමට නියමිත ය.

මීට සමගාමී ව හෙතෙම ඉන්දුනීසියාවේ නිල සංචාරයක ද නිරත වනු ඇත.

ඉන් අනතුරුව, ජී-20 කණ්ඩායමේ නායකයන්ගේ 18 වැනි සමුළුවට එක්වීම සඳහා චීන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා යාමට නියමිතව තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here