Home උණුසුම් පුවත් කොවිඩ් ආසාදිත ගැබිණි මව බිළිදා බිහිකර දෑස් පියා ගනී

කොවිඩ් ආසාදිත ගැබිණි මව බිළිදා බිහිකර දෑස් පියා ගනී

කොවිඩ් ආසාදිත ගැබිණි මව බිළිදා බිහිකර දෑස් පියා ගනී

කොවිඩ් 19 වෛරසය ආසාදිත මවක් සිය දරුප්‍රසූතියෙන් පසු මරණයට පත්ව ඇතැයි කුරුණෑගලින් වාර්තාවේ.

කුරුණෑගල රෝහලට ඇතුලත්කර සිටි 28 හැවරදි එම ගැබිණි මව සිසේරියන් සැත්කමකින් සිය දරුවා ප්‍රසූතිකර තිබේ.

කොබෙයිගනේ බොරළුගොඩ ප්‍රදේශයේ පදිංචි එම ගැබිිණි මව රෝහල්ගත කර ඇතැයි සදහන් වන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්වයෙන් බව රෝහල් තොරතුරු අනාවරණය කළේය. මවගේත් දරුවාගේත් ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි උථ්සහයක් ගත්තද මවගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව කුරුණෑගල රෝහලින් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක් සදහන් කළේය. දරුවා මේ වන විට නිරෝගීව සිටින බවද ඔහු පැවසීය.

කොවිඩ් 19 වෛරසය ආසාදිතව මෙරට ගැබිණි මරණ 02 ක් මෙයට පෙර වාර්තා විය. එහිදී එම මව්වරුන් මිය යන්නේ කුස තුළ සිටි බිළින්දන් ද සමගිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here