Home special චීන මුහුදට අනවසරයෙන් ආ පිලිපීන නැව් පිටුවහල්

චීන මුහුදට අනවසරයෙන් ආ පිලිපීන නැව් පිටුවහල්

චීන මුහුදට අනවසරයෙන් ආ පිලිපීන නැව් පිටුවහල්

චීනයේ නන්ෂා සමූහ දූපත් ආශ්‍රිත මුහුදු කලාපයට නීති විරෝධීව ප්‍රවේශ වූ පිලිපීන නෞකා චීන නාවික පොලීසිය විසින් පිටුවහල් කෙරේ. 

ඉකුත් 5 වැනිදා පිලිපීනයේ සැපයුම් නෞකා දෙකක් හා නාවික පොලිස් නෞකා දෙකක් චීන‍ රජයේ අවසරයෙන් තොරව, නන්ෂා සමූහ දූපත් ආශ්‍රිත මුහුදු කලාපයට පිවිස ඇත.

චීන නාවික පොලීසිය ඉදිකිරීම් භාණ්ඩ රැගත් එම පිලිපීන නෞකාවන්ගේ ප්‍රවේශයට බාධා කර තිබේ.

චීන නාවික පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගන් යූ මහතා මේ පිළිබඳව ප්‍රකාශ කළේ, චීන මුහුදු කලාපයේ සිදුකෙරෙන චීන ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීම් වහාම නතර කරන ලෙස  පිලිපීනයෙන් ඉල්ලා සිටින බවයි.

නන්ෂා සමූහ දූපත් හා එහි ආශ්‍රිත මුහුදු කලාපය පිළිබඳ ස්වාධිපත්‍ය බලය චීනයට හිමි වේ.

චීන නාවික පොලීසිය රටේ මුහුදු කලාපයේ නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here