Home උණුසුම් පුවත් චීනය විදේශ ඇමතිව ගෙදර යවයි

චීනය විදේශ ඇමතිව ගෙදර යවයි

චීනය විදේශ ඇමතිව ගෙදර යවයි

චීනය රජය විසින් විදේශ අමාත්‍ය චින් ගැන්ග් එම ධුරයෙන් ඉවත් කර ඇති බවට එරට රාජ්‍ය මාධ්‍ය අද (25) සඳහන් කර තිබිණි.

මාසයක පමණ කාලයක් රාජකාරිවලින් බැහැරව සිටි ගැන්ග් අද පසුවරුවේදී එම ධූරයෙන් ඉවත් කළ බවට නිල වශයෙන් නිවේදනය කරනු ලැබිය. ගැන්ග් වෙනුවට එරට හිටපු විදේශ අමාත්‍ය වැන්ග් යී යලිත් පත් කිරීමට පියවර ගත් බවද චීනය රජ්‍ය වාර්තා සඳහන් කළේය.

57 හැවිරිදි ගැන්ග් චීනයේ එක්සත් ජනපද තානාපති ලෙස කෙටි කාලයක් සේවය කිරීමෙන් පසුව දෙසැම්බර් මාසයේදී චීනයේ විදේශ අමාත්‍ය ධූරයට පත් කරනු ලැබීය. කෙසේවෙතත් ඉතුක් ජුනි 25 වැනිදායින් පසුව මහජනතාව අතරට නොපැමිණියේය.

මේ අතර ඔහු පසුගියදා ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සමුළුවකට එක් නොවීමත් සමඟ මාධ්‍ය ඒ සම්බන්ධයෙන් විමසීමට පියවරගෙන තිබිණි. එහිදී චීන විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටියේ සෞඛ්‍ය හේතූන් මත ඔහු සමුළුවට එක් නොවූ බවයි.

මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී චීන විදේශ අමාත්‍යංශය අදහස් දැක්වීමක් කර නොමැති බවද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය මාස අටක පමණ කාලයේදී චීනය සහ එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඉතාම පහළ මට්ටමක පැවති අතර එය පසුගිය කාලය පුරාම උග්‍රවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here