Home special ගෝලීය මාධ්‍ය නවෝත්පාදන දෙවැනි සංවාද මණ්ඩපය චීනයේ දී

ගෝලීය මාධ්‍ය නවෝත්පාදන දෙවැනි සංවාද මණ්ඩපය චීනයේ දී

ගෝලීය මාධ්‍ය නවෝත්පාදන දෙවැනි සංවාද මණ්ඩපය චීනයේ දී

 
ගෝලීය මාධ්‍ය නවෝත්පාදනය පිළිබඳ දෙවැනි සංවාද මණ්ඩපය පැවැත්වෙයි.

ඊයේ (21) චීනයේ ශැංහයි නගරයේ  පැවති එම සංවාද මණ්ඩපය චීන මාධ්‍ය සමූහය හා ෂැංහයි නාගරික පරිපාලනය විසින් ඒකාබද්ධව සංවිධානය කෙරිණ.

“විවෘතභාවය, හවුල් ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ – නවීකරණ මාවතේ එක්ව ගමන් කිරීම”  එහි ප්‍රධාන තේමාවයි.

ජාත්‍යන්තර සංවිධාන, චීන සහ විදේශීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන, බුද්ධි මණ්ඩල සහ අන්තර්ජාතික සමාගම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ 230 කට වැඩි පිරිසක් මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් එම සාකච්ඡා මණ්ඩපයට එක්වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරන මාධ්‍ය නියෝජිතයෝ ද ඊට ඇතුළත් වෙති.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙං හයිෂොං මහතා එහිදී දේශනයක් පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යන සංකල්ප ත්‍රිත්වයට අනුව, නවීන සංවර්ධනය සහ මානව ශිෂ්ටාචාරයේ ප්‍රවර්ධනය සඳහා එක්ව ක්‍රියාකිරීම මාධ්‍ය ආයතනවල වගකීමක් බව ඔහු පැවසීය.

මාධ්‍ය සන්නිවේදන නවෝත්පාදන ප්‍රවර්ධනය කරමින්, විධිමත් ගෝලීය මහජන මතවාද සහිත වේදිකාවක් පොදුවේ ගොඩනැගිය යුතුය. මාධ්‍ය සහයෝගිතාව තහවුරු කිරීමේ අවශ්‍යතාව ද ශෙං හයිෂොං මහතා අවධාරණය කළේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here