Home special ඇලස්කාවේ ප්‍රබල භූ කම්පනයෙන් ඇතිවූ සුනාමි අවදානම ඉවතට

ඇලස්කාවේ ප්‍රබල භූ කම්පනයෙන් ඇතිවූ සුනාමි අවදානම ඉවතට

ඇලස්කාවේ ප්‍රබල භූ කම්පනයෙන් ඇතිවූ සුනාමි අවදානම ඉවතට
tsunami danger sign

ඇලස්කාවේ ප්‍රබල භූ කම්පනයකින් පසුව නිකුත් කරන ලද සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

මූලික දත්තවලට අනුව ඇලස්කාවේ සෑන්ඩ් පොයින්ට් සිට සැතපුම් 55ක් පමණ නිරිත දෙසින් මෙම භූමිකම්පාව ඊයේ රාත්‍රි ඇති වූ බව ජාතික කාලගුණ සේවය පවසයි.

එය මුලින් මනිනු ලැබුවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.

භූ කම්පනය සිදුවන අවස්ථාවේදී ඇලස්කාවේ කොඩියැක් ප්‍රදේශයේ සයිරන් නාදය රාත්‍රියේදී ඇසුණු බව සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝවක දැක්වේ.

භූ කම්පනය ඇන්කරේජ් හි ජාතික කාලගුණ සේවය කෙටි සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.

අද පෙරවරුවේදී එම අනතුරු ඇඟවීම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට පෙර මෙමගින් ‘සැලකිය යුතු ගංවතුර’ අවදානමක් පවතින බව පවසමින්, අනතුරු ඇඟවීම පහත හෙලන ලදී.

මෙම සිදුවීමෙන් සුනාමි අවදානමක් ඇති වූ නමුත් එය තවදුරටත් තර්ජනයක් නොවන බව NWS ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. ‘සමහර ප්‍රදේශවල මුහුදු මට්ටමේ කුඩා වෙනස්කම් දිගටම දැකිය හැක.’ යැයි ද එමගින් නිවේදනය කර තිබේ.

නව උපදේශන මට්ටම‍ේ යාවත්කාලීන කිරීමට පෙර වෙරළ ආශ්‍රිත ප්‍රද‍ේශවලින් ඉවත් වන ලෙසට දන්වා තිබුණි.

භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here