Home උණුසුම් පුවත් පෙරපාසල් ගුරුවරුන්ට ජුනි සිට මාසික දීමනාවක්

පෙරපාසල් ගුරුවරුන්ට ජුනි සිට මාසික දීමනාවක්

පෙරපාසල් ගුරුවරුන්ට ජුනි සිට මාසික දීමනාවක්

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත දීමනාවක් ගෙවීම 2021 ජුනි 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2,500ක දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේ.  

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ඒ බව ලිපියකින් දන්වා තිබේ.

ඒ අනුව අදාළ ප්‍රතිපාදන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here