Home special පුටින් සහ කුලී හේවා කණ්ඩායම් නායකයකු අතර සාකච්ඡාවක්

පුටින් සහ කුලී හේවා කණ්ඩායම් නායකයකු අතර සාකච්ඡාවක්

පුටින් සහ කුලී හේවා කණ්ඩායම් නායකයකු අතර සාකච්ඡාවක්

වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායකයා වන යෙව්ගනි ප්‍රිගොෂින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් සිදුව ඇති බව රුසියානු ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ඒ අනුව රුසියානු නායකයා සහ වැග්නර් කුලී හේවා කණ්ඩායම් නායකයා අතර පසුගියදා ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද ජනාධිපති පුටින්ගේ ප්‍රකාශකයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළ ආකාරයට මෙම හමුව වැග්නර් කණ්ඩායම සිය කරුල්ල දියත් කර දින පහකට පසු එනම් ජුනි මස 29 වැනිදා පැවත්වා තිබේ.

පෙස්කොව් මාධ්‍යවේදීන් වෙත පැවසුවේ යෙව්ගනි ප්‍රිගොෂින් සහ වැග්නර් කණ්ඩායමේ අණදෙන නිලධාරීන් ඇතුළුව 35 දෙනෙකු මෙම රැස්වීමට ආරාධනා කර සිටි බවත් එම හමුව පැය තුනක පමණ කාලයක් පැවති බවත්ය.

“අපට පැවසිය හැකි එකම දෙය නම්, යුක්‍රේනයේ සිදුකරන විශේෂ හමුදා මෙහෙයුමේදී වැග්නර්ගේ කණ්ඩායමේ ක්‍රියාවන් පිළිබඳව ජනාධිපතිවරයා සිය තක්සේරුව ලබා දුන් අතර ජුනි 24 කැරැල්ලේ පිළිබඳවද ඔහුගේ තක්සේරුව ලබා දුන් බවයි.,” යනුවෙන් පෙස්කොව් වාර්තාකරුවන්ට පවසා ඇත.

මෙහිදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ අණ දෙන නිලධාරීන්ගේම පැහැදිනි කිරීම් වලට ජනාධිපති පුටින් සවන් දුන් බවත් ඉදිරි මෙහෙයුම් සඳහා වූ යෝජනාද ඉදිරිපත් කළ බවද පෙස්කොව් මාධ්‍යවේදීන් වෙත සඳහන් කළේය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා වැග්නර් කැරැල්ල අවසන් කිරීමට මැදිහත් වූ බෙලාරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ප්‍රකාශ කර සිටියේ ප්‍රිගොෂින් රුසියාවේ සිටින බවයි. ඒ අනුව මෙතෙක් වැග්නර් කණ්ඩායම සම්බන්ධයෙන් කළ බටහිර උපකල්පන සම්පූර්ණයෙනම් පාහේ වෙනතකට යොමු කිරීමටත් සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here