Home දේශීය පුවත් උණුසුම් පුවත් ගුවන් මගියාගේ රහස් ප්‍රදේශයෙන් රන් බිස්කට් මතුවේ

ගුවන් මගියාගේ රහස් ප්‍රදේශයෙන් රන් බිස්කට් මතුවේ

0
ගුවන් මගියාගේ රහස් ප්‍රදේශයෙන් රන් බිස්කට් මතුවේ

ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට අද (12) උදෑසන පැමිණි ගුවන් මගියෙකු සිය රහස් ප්‍රදේශය තුළ සගවාගෙන රන් බිස්කට් 18 ක් රැගෙන විත් තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිහිටා ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් සැකයට ලක්වූ එම ගුවන් මගියාව පරීක්ෂා කර එම රන් බිස්කට් සිරුරෙන් පිටතට ගෙන ඇත.
මීගමුවේ පදිංචිකරුවෙක් බව කියන මොහොමඩ් උස්මාන් නැමැති එම සැකකරු 37 හැවරදිය. වැඩිදුර විමර්ශන සදහා ඔහුව ශ්‍රී ලංකා රේගුවට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here