Home උණුසුම් පුවත් වායු දූෂණය ඉහළට – හදවත් රෝගීන් ඉහළ යා‍මේ අවදානමක්

වායු දූෂණය ඉහළට – හදවත් රෝගීන් ඉහළ යා‍මේ අවදානමක්

වායු දූෂණය ඉහළට – හදවත් රෝගීන් ඉහළ යා‍මේ අවදානමක්

වායු දූෂණය ඉහළ යාම නිසා මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ද වායු දූෂණය කෙමෙන් ඉහළ යමින් තිබෙන හෙයින් එම අවදානම හටගෙන තිබෙන බව ද ජනතාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පතිරණ මහතා කීය.

එළිමහනේ ගමන් කරන විට හැකි හැම අවස්ථාවකම මුව ආවරණ පැළදීමෙන් මෙම අවදානම අඩුකර ගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වායු දූෂණය හා හෘද රෝග පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here