Home special ඉන්දියාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 200 පනී

ඉන්දියාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 200 පනී

ඉන්දියාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 200 පනී

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ මගී දුම්රිය තුනක් ඊයේ (02) රාත්‍රිෙය් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 233 දෙනෙකු මිය ගොස් 900 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය රජය සඳහන් කරයි.

මෑත කාලයෙදී ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය වන අතර , බංගලාරු-හවුරා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රියත් ෂාලිමාර්-චෙන්නායි මධ්‍යම කොරමැන්ඩල් එක්ස්ප්‍රස් සහ භාණ්ඩ දුම්රියත් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ..

ඉන්දීය මාධ්‍ය වාාර්තා කරන අන්දමට මෙම අනතුරු තුන කොල්කටා සිට කිලෝමීටර් 250 ක් දකුණින් සහ බුබනේස්වර් සිට කිලෝමීටර් 170 ක් උතුරින් බලසෝර් දිස්ත්‍රික්කයේ බහන්ගා බසාර් දුම්රිය ස්ථානය අසලදී සිදු වී ඇත.

අනතුරත් සමග ක්‍රියාත්මක වූ මුදා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා අනතුරට පත් ජනතාව මුදා ගැනීමේ නිතරවී සිටින අතර මරණයට පත් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ පවතින බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

මුදා ගැනීමේ කටයුතු සඳහා විශේෂයේ පුහුණ කළ සුනඛයින්ද යොදා ගැනීමට ඉන්දීය බලධාරීන් පියවරගෙන ඇති බවටද වාර්තාවේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දිය රජය විසින් වහාම විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර අනතුරින් දිවි අහිමි වූවන්ටගේ පවුල් වල සාමාජිකයින් හට ඉන්දීය අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර මෝදි සිය කනගාටුව පළකර ඇති අතරම තුවලා ලැබූවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here