Home උණුසුම් පුවත් කෝටාව වැඩිකරලා තෙල් මිල අඩුකළත් මේපාරත් ටැක්සි ගාස්තුව අඩුකරන්න බැරිලු

කෝටාව වැඩිකරලා තෙල් මිල අඩුකළත් මේපාරත් ටැක්සි ගාස්තුව අඩුකරන්න බැරිලු

කෝටාව වැඩිකරලා තෙල් මිල අඩුකළත් මේපාරත් ටැක්සි ගාස්තුව අඩුකරන්න බැරිලු

ඔක්ටේන්92 ඉන්ධන මිල පහත දැමීමට රජය කටයුතු කළද කුලී ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරීමට නොහැකි බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

අමතර කොටස් මිල ඉහළ යාම ඊට හේතුව බව ඔවුහු පෙන්වා දෙති.

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කළ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 318 ක් ලෙසටය.

මීට පෙර ද අවස්ථාවක ඉන්ධන මිල පහත ගිය ද ත්‍රිරෝද රථ සංගම් ගාස්තු අඩු කිරීමක් සිදු කළේ නැත.

ඉන්ධන කෝටාව ඉහළ දැමුවහොත් ගාස්තු අඩුකරන බව එම සංගම් මීට පෙර පවසා තිබුණි.

එසේම රජයෙන් ලබා දෙන ඉන්ධන කෝටාව ද පසුගිය දා ඉහළ දැමීමට රජය කටයුතු කළත් එය ද ප්‍රමාණවත් නොවන බව එම සංගම් කියයි.

මීට පෙර අඩු වූ ප්‍රමාණය සහ ඊයේ අඩු වූ මිල සැසඳීමේ දී ගාස්තු අඩු කරන්නේ නම්, අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණක් වන බව ඔවුන් වැඩි දුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here