fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනිවාර්ය ලියාපදිංචිය විය යුත්තන් ලැයිස්තුවක් එයි

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනිවාර්ය ලියාපදිංචිය විය යුත්තන් ලැයිස්තුවක් එයි

    සකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක් ලබන ඕනෑම පුද්ගලයකු ඇතුළුව කාණ්ඩ 14කට අයත් පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැයි ඊයේ(31) මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    මෙම ගැසට් නිවේදනයට අනුව, කිසියම් අර්ථසාධක අරමුදලකට සේවකයා සහ සේවායෝජකයා යන දෙපාර්ශවයේම මාසික දායකත්වය රු.20,000 ඉක්මවන සේවකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට ද අවශ්‍ය වේ.

    ඒ අනුව පහත සඳහන් කාණ්ඩ 14ට අයත් වෘත්තිකයන් අද (ජුනි 01) සිට බලපැවැත්වෙන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර ඇත.

    1. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි වෛද්‍යවරුන්
    2. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
    3. ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
    4. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
    5. වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
    6. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකයින්
    7. ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ ආයතනයේ සාමාජිකයින්
    8. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු
    9. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තම ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්
    10. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි (ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ අත් ට්‍රැක්ටර් හැර) වාහන සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්
    11. 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ අත්පත් කරගත් පුද්ගලයින්
    12. ඕනෑම අර්ථසාධක අරමුදලකට සේවකයා සහ සේවායෝජකයා යන දෙපාර්ශවයේම මාසික දායකත්වය රු. 20,000 ඉක්මවන පුද්ගලයින්
    13. පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගන්නා ඕනෑම පුද්ගලයෙකු
    14. මසකට රුපියල් 100,000ක හෝ ශ්‍රී ලංකාවේ ඕනෑම සේවාවක් සැපයීම සඳහා මාස 12 ක කාලයක් සඳහා රුපියල් 1,200,000ක ගෙවීමක් ලබන ඕනෑම පුද්ගලයෙක්.

    2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තියේ 03 වැනි උප වගන්තිය යටතේ ජනාධිිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට්ටුව නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.