Home දේශීය පුවත් ගුජරාට් ටයිටන්ස් 215 ඉලක්කයක් දෙයි

ගුජරාට් ටයිටන්ස් 215 ඉලක්කයක් දෙයි

චෙන්නයි සුපර් කිංග්ස් ක්‍රීඩකයන්ට මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනිමට නම් ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් ලබා දිමට ගුජරාට් ටයිටන්ස් පිළ අද (29) රාත්‍රියේ සමත් විය.

කාසියේ වාසිය දිනු චෙන්නායි පිළේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි ගුජරාට් ක්‍රීඩකයෝ සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 214ක් රැස් කළහ.

ගුජරාට් ඉනිම වර්ණවත් කළ සායි සුදර්ශන් පන්දු 47කදි වේගවත් ලකුණු 96ක් ලබා ගනිමින් සිය පිළ ශක්තිමත් තැනකට ගෙන ආවේය.

ඔහු දවා ගැනීමට සමත් වූයේ චෙන්නායි පිලේ වේගපන්දු යවන ක්‍රිඩක මතීෂ පතිරණයි. චෙන්නායි පිළ වෙනුවෙන් දක්ඔෂ පන්දුයැවීමක නිරත වූ මතීෂ පන්දුවාර 4කදී ලකුණු 44කට කඩුලු දෙකක් දවාලූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here